හුස්ම පොදකට ගමන් සගයෙක් වන්න
ජාතික වකුගඩු රෝගීන්ගේ අරමුදල හා එක්ව රජරට පුරා සීග්‍රයෙන් පැතිර යන නිධන්ගත වකුගඩු රෝගයෙන් පීිඩා විඳින ආර්ථික අපහසුතා ඇති රෝගීන් උදෙසා රුධිර කාන්දුපෙරණ වාරයන් වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජාතික වකුගඩු රෝහල වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මේ වන විටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයන් දෙකක් ඔස්සේ ජාතික වකුගඩු රෝහල වෙත රෝගීන් රැගෙන යෑම ක්‍රියාත්මක වේ.
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ සිට ජාතික වකුගඩු රෝහල වෙත රෝගීන් රැගෙන යාම සිදු වේ. මාර්ගයේ සම්පූර්ණ දුර කි.මී.80 කි. ගමන් වාර දෙකම (රෝගීන් රැගෙන ඒ්ම සහ රැගෙන යාම) කි.මී 160 ක් පමණ වේ. මසකට ගමන් වාර 15 ක් පමණ ක්‍රියාත්මක වන අතර මේ වන විට රෝගීන් 75 දෙනෙකු මෙම ප්‍රවාහන සේවය භාවිත කරනු ලබයි.
එක් ගමන් වාරයක් සඳහා රු.23,200 පිරිවැයක් දරණු ලබයි
පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ සිට ජාතික වකුගඩු රෝහල වෙත රෝගීන් රැගෙන යාම සිදු වේ. මාර්ගයේ සම්පූර්ණ දුර කි.මී 70 යි. ගමන් වාර දෙකම (රෝගීන් රැගෙන ඒ්ම සහ රැගෙන යාම) කි.මී. 140 ක් පමණ වේ. මසකට ගමන් වාර 07 ක් පමණ ක්‍රියාත්මක වේ. මේ වන විට රෝගීන් 35 දෙනෙකු මෙම ප්‍රවාහන සේවය භාවිතා කරයි.
එක් ගමන් වාරයක් සඳහා රු.20,300 පිරිවැයක් දරණු ලබයි
මේ වන විට අරලගංවිල සිට මසකට ගමන් වාර 15 කුත්, ඇලහැර සිට ගමන් වාර 7කුත් ක්‍රියාත්මක වේ. මාර්ගයන් දෙකෙහි මෙම ගමන්වාර 22 සඳහා මුළු දුර කි.මී. 3380 කි. ඒ අනුව මසකට රු 500,000 ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වේ. (මෙම පිරිවැය ගමන් වාර වෙනස්වීම මත වෙනස්විය හැකියි.
දුරකථන අංකය – 0714 371 522
WhatsApp – 0714 371 522
ඊ මේල් ලිපිණය – charity@shraddha.lk
Account number – 196 200 17 00 29 434
Account name – NATIONAL KIDNEY PATIENTS FUND
Bank – People’s Bank
Branch – Kaduwela
ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, හේවාගම, කඩුවෙල.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.
ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.
අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්
2025 වර්ෂෂයසඳහා වැය වෙන පිරිවැයට ඔබේ මනුශ්‍යත්වයත් එක්කරන්න. ඔබට හැකි පමණින් ඒ සඳහා ආධාර කරන්න.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk