ශ්‍රද්ධා
ශිල්ප යාත්‍රා
ගුණයෙන් නුවණින් සවිමත් දේශයකට





මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූවේ ආර්ථික අර්බුදයන් හමුවේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට පවත්වාගෙන යාමට පිටිවහලක් වීම පිණිස ය. මෙහිදී ප්‍රතිලාභ අවැසි දරුවන් සොයා නව අධ්‍යයන වර්ෂයන්වලට අවශ්‍ය සියලු ම පාසල් පොත් පත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන 2015 වසරේ දී ආරම්භ විය.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

උපකරණ කට්ටල ලබා දෙන්නේ කුමන ශ්‍රේණි වල දරුවන් වෙනුවෙන්ද?
අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් නිසා එය පෙර පාසලේ සිට පාසල් උසස් අධ්‍යාපනය දක්වා මේ සඳහා සුදුසුකම් ලබයි.
මේ ව්‍යාපෘතියේ දායකත්වය ලබා ගන්නේ කෙසේද?
අධ්‍යයන වර්ෂයන් ආරම්භයේදී මෙම උපකරණ කට්ටල පරිත්‍යාක සිදු කරන අතර ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් උපකරන කට්ටල අවශ්‍ය කාලයන් වලදී ඒ සම්බන්ධ දැනුවත් කිරීම් කටයුතු සිදු කරනු ලබයි. එම කරුණු අනුව ඔබට දායකත්වය ලබා ගත හැකිය.
ඒ සඳහා කතා කළ යුතු දුරකථන අංකය කුමක්ද?
071 232 8883
මෙම පරිත්‍යාගයන් සඳහා දරුවන් තෝරාගනු ලබන්නේ කෙසේද?
ඒ ඒ අධ්‍යයන වර්ෂයන් සඳහා දරුවන් යොමු වන විට අධ්‍යන කට්ටලයක් සඳහා යන පිරිවැය තක්සේරු කරනු ලබයි. ඉන් පසු දායකත්වය ලබා දිය හැකි හැකියාව මත දරුවන් ප්‍රමාණය තීරණය කරගනු ලබන අතර පාසැල් මට්ටමින් මෙම දරුවන් ප්‍රමාණය තෝරා ගැනීම විදිමත්ව සිදු කරණු ලබයි.
දරුවන් සම්බන්ධ විය යුත්තේ කෙසේද?
මේ සඳහා ඒ ඒ දරුවන්ගේ අවශ්‍යතාවය සහ ආර්ථික ගැටලු විස්තරාත්මකව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය වෙත ලබා දීමෙන් මේ සඳහා ඉල්ලුම් කිරීමට යම් හැකියාවක් ඇති අතර ප්‍රධානම මාර්ගය වන්නේ පාසැල් මට්ටමින් තෝරා ගැනීමයි.
ලිපිනය
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව, ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, හේවාගම, කඩුවෙල.

ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.
අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්

2025 වසරේ අපේ යුතුකම
ශ්‍රද්ධා ශිල්ප යාත්‍රා 2025 සඳහා ඔබටත් ඔබේ දායත්වය එක්කල හැකිය. අනාගත පරපුර වෙනුවෙන් අපේ යුතුකම හැකි අයුරින් අපි ඉටු කරමු.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk