ශ්‍රද්ධා

අධ්‍යාපන ශිෂ්‍යත්ව

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ
ජීවිතය ජය ගන්න වෙර දරන
දැයේ පින්වන්ත දූ පුතුන් හට
පෙරමං තනන්නට…

 

ප්‍රතිලාභ ලබන දූ දරුවන් ගණන
0
වැය කර ඇති මුදල මිලියන
0

අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ දරුවන්ට ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වලට උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට උපකාර කිරීම ආරම්භ කළ සමාජ සත්කාර ව්‍යාතිය.  

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

ශිෂ්‍යත්ව ප්‍රධානය කරන දෙමාපියන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන් විසින් දැනගත යුතු කරුණු.

 

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සහ 12,13 සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන්.

මුලින්ම කැපකරු දෙමව්පියෙකු ලෙස ව්‍යාපෘතියේ ලියාපදිංචි වී ශිෂ්‍යත්ව ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට අවශ්‍යයි.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා – මාසිකව රු. 2000
12,13 සහ විශ්ව විද්‍යාල – මාසිකව රු. 3000

මාසිකව, ත්‍රෛමාසිව, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික වශයෙන් වුවද ලබා දීමට හැක.

ගිණුමේ නම – ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව
ගිණුම් අංකය – 116 261 000 970
බැංකුව – සම්පත් බැංකුව (කඩුවෙල ශාඛාව)

නැත. නමුත් මාස 4 කට වරක් දරුවා විසින් එවන පුණ්‍යානුමෝදනා ලිපියක් කැපකරු මව/පියා වෙත ලබා දීම සිදුවනවා.

දරුවා අධ්‍යාපන කටයුතු සිදු කරන තාක් කල් වුවද තම කැමැත්ත මත පදනම්ව උපකාර කිරීමට හැකියාව පවතී. (අවම වශයෙන් අවුරුද්දක්)

ඉගෙන ගැනීමට දක්ෂතා දක්වන ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවන් මේ සඳහා තොරතුරු විමසීමකින් පසු තෝරා ගැනීම් සිදු වේ.

තමන්ගේ විස්තර සහ පවුල් පසුබිම පිළිබඳව සත්‍ය තොරතුරු ඇතුළත් කර ශිෂ්‍යත්වයක් ඉල්ලුම් කිරීමේ ලිපියක් මුලින්ම අප වෙත යොමු කළ යුතුයි. ඉන් අනතුරුව අප විසින් ඔවුන්ට අයදුම්පත්‍රයක් ලබා දීම සිදුවේ. අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර නැවත එවීමෙන් පසුව තෝරාගනු ලබන සුදුසුම දරුවන් වෙත පමණක් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරයි.

දරුවන්ට එම මුදල් වියදම් කළ යුතු ආකාරය මුලින්ම පෙන්වා දෙන අතර, ඉන්පසු ඔවුන් ව්‍යාපෘතියේ නීති මාලාවන්ට අනුව කටයුතු කරනවා ද යන්න පිළිබඳව ද පූර්ණ අධීක්ෂණයක් සිදු කරන අතර, පුණ්‍යානුමෝදනා ලිපිය සහ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳව ද සොයා බලමින් දහම් දැනුමින්ද ඔවුන්ට පෝෂණය කරනු පිණිස, තෛමාසික දහම් පොතක් ද ඔවුන්ට ලබා දීම සිදුකරයි. මීට අමතරව සුදුසු දරුවන් වෙත ඔවුන්ගේ කාලින අවශ්‍යතා මත විශේෂ උපකාර කිරීම් ද සිදු වේ.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව, ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, හේවාගම, කඩුවෙල.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වන ආකාරය

  • ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.1650ක මුදලක් වෙන් වේ.
  • එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.
  • තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.
  • ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.
  • එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ
  • ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.820ක මුදලක් වෙන් වේ.
  • එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.
  • තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.
  • ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.
  • එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.80ක මුදලක් වෙන් වේ.

ව්‍යාපෘති පිළිබඳ සහ වැඩිදුර තොරතුරු

සම්පූර්ණ ව්‍යපෘතිය පිළිබ‍ද තොරතුරු සහ ශිෂ්‍යත්වලාබී දරු දැරියන් සඳහා
අයදුම් පත්‍රය ලබා ගැනීමට මෙම සබැ‍ඳියෙන් පිවිසෙන්න.

ගුණ නුවණින් යුතු සොඳුරු සමාජයක් උදා කිරීමට ඔබත් කැපකරු දෙමාපියන් ලෙස අප හා එක්වන්න.

පහත පෝරමය මගින් ඔබගේ තොරතුරු අප වෙත එවන්න. ශ්‍රද්ධා සමාජ සත්කාර නියෝජිතයෙකු ඔබව සම්බන්ධ කරගනු ඇති.

අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්

අධ්‍යාපන ශිෂ්‍යත්ව හය වන අදියර 2025

2025 වර්ෂයට නව අධ්‍යාපන ශිෂ්‍යත්වයන් 100 ක් ප්‍දානය කිරීමට සූදානම්. ඒ සඳහා කැපකරු මවක් හෝ පියෙක් වශයෙන් සම්බන්ධ වීමට කැමති නම්.

පහත දුරකතන අංකයෙන් හෝ ඊමේල් ලිපිනය ඔස්සේ අප වෙත සම්බන්ධ වන්න.

සම්පූර්ණ වී ඇති කැපකරු දායකත්ව
10%

මාසික සදහම් තිලිණය

අධ්‍යාපන ශිෂ්‍යත්ව දරුවන් උදෙසා ත්‍රෛයිමාසිකව නිකුත් වෙන සදහම් තිළිණය

 බාගත කිරීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk