
ජීවිතය ගොඩනගා ගන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න, සමාජයට බරක් නොවී ජීවත් වන්න, මේ හැමදේටම මූලික පදනම අධ්‍යාපනය යි. විධිමත් අධ්‍යාපනයක් ලබාගනිමින් තමාගේ අරමුණු කරා ගමන් කරන්නට වෙර දරණ දැයේ දුවා දරුවන්ට දෙමාපියන් වශයෙන් ලබා දෙන අනුග්‍රහය අති මහත් ය. නමුත් යම් යම් ආර්ථික අපහසුතා මත ජීවත් වන දෙමව්පියන්ට තම දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම දුෂ්කර කටයුත්තකි.
ඒ නිසා ම එවන් දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති දරුවන් හට අධ්‍යාපනය හැදෑරීමට අත්වැළක් වන්නට ශ්‍රද්ධා මාධ්‍යජාලය ආරම්භ කළ පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව.


මෙහෙවරෙහි අරමුණු
- බුදු දහමින් සුපෝෂිත දේශයට වැඩදායී අනාගත පරපුරක් බිහි කිරීම.
- ගුණ නැණ බලයෙන් හෙබි බෞද්ධ දරුවන් පිරිසක් දේශයට දායාද කිරීම.
- උගත් කමින් පමණක් නොව ගුණ දහමින්ද දේශයේ අනාගතය සවි බල ගැන්වීමට දායක වීම.
- බෞද්ධ ජනතාවගේ පවුල් පසුබිම හා ආර්ථීක තත්වය නංවාලීම.
- දේශයේ ජීවනාලිය වෙත කළණ මිතුරු ඇසුර ලබා දීම.
පසුබිම
අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ දරුවන්ට ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වල උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන් හට උපකාර කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් ව ඇත.
එසේම වර්තමාන අධ්‍යාපන රටාව තුල නොයෙක් ආකාරයේ උගතුන් බිහි වුව ද ගුණ දහමින් යුතු මිනිස් කම හදුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙනි. ඒ නිසා ආර්ථීක අපහසුතාවයන්ගෙන් පීඩාවට පත් සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායාද කරනු පිණිසත් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ආරම්භයට හේතු පාදක වූයේ මෙම කාරණයයි.

ක්‍රමවේදය
පාසැල් මගින්, ග්‍රාම සේවක මගින් හෝ වෙන කුමන ආකාරයකින් හෝ අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා සුදුසු දරුවෙක් දැරියක් වෙනුවෙන් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය වෙත ඉල්ලීම ලැබුණු පසු විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ එම දරුවා හෝ දැරිය පිළිබඳ අවශ්‍ය තොරතුරු එක්රැස් කරගනු ලැබේ. විශේෂයෙන් ග්‍රාමසේවා නිලධාරී මාර්ගයෙන් විදුහල්පතිවරු මාර්ගයෙන් හෝ වෙනයම් පිළිගත හැකි ක්‍රමවේදයන් ඔස්සේ මෙම තොරතුරු ලබාගැනීම සිදුවේ..
අදාළ තොරතුරු වල සත්‍යතාව විදුහල්පති තුමා මඟින් සහතික කරවා ගැනීම අනිවාර්‍ය වන අතර පැමිණෙන අයදුම්පත් අතරින් විද්වත් මණ්ඩලයක් මගින් ශිෂ්‍යත්ව සදහා වඩාත්ම සුදුසුකම් ලබන සිසුන් තෝරා ගනු ලැබේ.

ලිපියේ අන්තර් ගත විය යුතු කරුණු වල සාරාංශය.
- ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ විස්තර.
- ශිෂ්‍යයාගේ /ශිෂ්‍යයාවගේ පවුලේ විස්තර.
- අධ්‍යාපන දක්ෂතා. (සා. පෙළ ප්‍රතිඵල ආදිය).
- ශිෂ්‍යත්වය ඉල්ලා සිටීමට හේතුව හැකිතාක් පැහැදිළිව හා විස්තර සහිතව.
- ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ ලිපිනය.

රටේ අනාගතය වෙනුවෙන් ඔබගේ දායකත්වය දරුවන් වෙනුවෙන් ලබා දෙන්න.

මාසික සදහම් තිලිණය
අධ්‍යාපන ශිෂ්‍යත්ව දරුවන් උදෙසා ත්‍රෛයිමාසිකව නිකුත් වෙන සදහම් තිළිණය
බාගත කිරීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk