ශ්‍රද්ධා

අභය දාන

මියැදෙනා හදකට පණනලක් වන්නට
ලේ බි‍ඳක් දන්දෙමු.

අභයදානය ලබා දුන් සතුන් ගණන
0
වැය කර ඇති මුදල මිලියන
0

බොහෝ සතුන් සූළු දේටත් තැති ගන්නවා. බිය වෙනවා. ඒ සියලු දේ අතර වඩාත් තදින් දැනෙන්නේ මරණ බිය, යම් අයකුගේ සිතේ උපන් බය නැති ගැනීම් දුරු කොට නිර්භය බව උපදවා දිය හැකි නම් එය උත්තම වූ අභය දානය යි.

ලෝ තලය පුරා විසිරී පැතිරී සිටින අනේක විද වූ සත්වයින්ට මහත් වූ බියක් තැති ගැන්මක් උපදවන, මරණ බිය තරම් වෙනත් කාරණයක් නොමැති තරම් ය. උපතින්ම උරුම වන මේ අමිහිරි අත්දැකීම ඔවුන් ව කොතරම් අසරණ කරනවා ද යන්න මරණ මංචකයේ අසරණව විලාප දෙන, දඟලන සත්වයින් දුටු විට යන්තම් හෝ තේරුම් ගත හැකිය. සුලු දේටත් කම්පිතව බය තැති ගැනීමෙන් මුලු ජීවිත කාලයම වෙලාගෙන සිටින තිරිසන්ලෝ කයට යන්තම් හෝ පිළිසරණක් ලබා දිය හැක්කේ මිනිස් ලොව උපන් අපටය. නොයෙකුත් හේතුන් නිසා මරණයට වෙන් වූ සත්වයින් බොහෝමයි… ආහාර පිණිස දවසකට මරණයට පත්වන ගවයන්, කුකුළන්, මත්සයින් වැනි අප්‍රමාණ සතුන් ප්‍රමාණයක් කිසිදෙයක් කරකියා ගත නොහැකිව මරණය පෙනි පෙනී අසරණ වී සීටිත්. තවත් සතුත් මිනිසුන්ගේ සිරකරුවන් බවට පත් වී සිටිති. මේ සියලුම සතුන්ට අවශ්‍ය වනුයේ අභයයි – බිය රහිත බවයි. එක් මොහොතක්, හෝ ඒ සතුන්ගේ නිදහස, ජීවත් වීම දිය හැකිනම් ඒ පින මහත් ඵල මහානිසංස වේවි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිවියක් උරුම වේවි. සසර දුක් කෙළවර කිරීමට මහත් රුකුලක් වේවි.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

අභය දාන පුණ්‍ය ව්‍යාපතිය හා සම්බන්ධ වන ඔබ දැනගත යුතු වැදගත් කරුණු.

 ශ්‍රද්ධා සමාජ සත්කාර යටතේ සිදු කරන අභයදාන පින්කම සතුන් කොටස් 04 ක් යටතේ ඔබට දායක විය හැක එනම්

  • අම්මා සහ පැටව් රු.  230,000.00
  • ගැබිණි එළදෙනුන් රු. 180,000.00
  • සාමන්‍ය එළදෙනුන් රු. 150,000.00
  • වැඩුණු පැටියෙක් රු. 100,000.00

 

මීට අමතරව හැකි මුදලකින් දායකවිය හැක.

සැම මසකම පැවැත්වෙන අතර එය මාසිකව එකතුවෙන මුදල් මත දිනය තිරණය වේ.

ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට ලැබේන ඉල්ලීම් ලිපි හරහා සොයා බලා කිරි ගොව් පාලනය සිදු කරන හෝ අලුතින් කිරි ගොවි පාලනය ආරම්භ කරන කිරි ගොවින්ට ලබා දෙයි ( පශු වෛද්‍ය නිළධාරි අනුමැතිය සහිතව)

කිරි ගවයින් ලබා දීමේදී අප ආයතනය විසින් හා නිති උපදෙස් යටතේ සකසන ලද ගිවිසුමක් මත අත්සන් ලබා ගැනීම සහ අන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි ආකාරයේ ලිපි ලේඛන ලබා ගැනීම

සතුන් ලබා දීමෙන් පසු මාස 06 කින් පමණ පසුවිපරමක් සිදු කරයි එයින් ලබා ගන්නා තොරතුරු අප සතුව ලේඛන ගත කර ඇත

සතුන් මිය ගොස් ඇත් නම් ග්‍රාම නිලධාරිතුමාව දැනුවත් කර ලිඛිත ලේඛනයක් සහතික කර ඡායා රෑපයක් සමඟ අපට එවිය යුතුයි. විකුණා ඇත්නම් නඩු පැවරීමට අප සතුව ලිපි ලේඛන ඇත

ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.

අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk