හොඳම යහළුවන් වෙමු ‍| ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2016 හයවන කලාපය

ආදරණීය දුවේ, පුතේ, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ වගේ ම අපි කාගෙ කාගෙත් ජීවිතවලට බොහොම සමීප වන පිරිසක් තමයි යාළුවෝ කියන්නේ. ඔයාලටත් යාළුවෝ ඉන්නවා නේ ද? 

පුංචි පංතිවල ඉඳන්ම අපට ඇසුරට යාළුවෝ ලැබෙනවා. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ කියන නෑදෑකම් අපට මේ ජීවිතය පුරා ම වෙනස් නො වුණට ජීවිතයේ ඇසුරට එකතු වන යාළුවෝ නම් කලින් කලට වෙනස් වෙනවා. අද අපි දුවලා පුතාලට කියා දෙන්න හිතුවේ හොඳ යාළුවෝ වෙන්නේ කොහොමද කියලයි. ඇසුරට හොඳ යාළුවෙක් වීම ගැන කියන්න කලින් ඔයගොල්ලන්ට අසිරිමත් යාළුකමක කථා පුවතක් කියලා දෙන්න අපි කැමතියි. 

දුවේ පුතේ, මේ සිදුවීම සිදු වුණෙත් බුද්ධ ශාසනයක. හැබැයි ගෞතම සම්බුද්ධ ශාසනයේ නම් නෙවෙයි. අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහළ වූ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දී යි මේ සිද්ධිය වුණේ.දුවලා පුතාලා සමහර විට මේ පුවත අහලත් ඇති. අහල නැති නම් දැනගන්නටත්, අහලා තියෙනවා නම් ඒ අසිරිමත් යාළුකම ගැන සිත පහදවා ගන්නටත් උපකාරයක් මෙයින් ඔයාලට ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *