සරණ සිහි කරමු | ව්‍යවහාර වර්ෂ 2019 | එකොළොස්වන කලාපය
පින්වත් දුවේ පුතේ,
ඔබ සෑම ආකාරයකින් ම දියුණුවට පත් වනවා දැකීම අප කාගේත් අපේක්ෂාවක්. ඔබේ හිතසුව කැමති, ඔබේ යහපත කැමති දෙමව්පිය, ගුරුවර, වැඩිහිටි පිරිස්, ඤති හිතමිත‍්‍රාදීන් හැම කෙනෙකු ම ඔබේ ජයග‍්‍රහණවල දී බොහෝ සෙයින් සතුටට පත් වෙනවා. ඔබට ආශීර්වාද ද කරනවා. අද අප ඔබට සිහිපත් කර දෙන්න සිතුවේ ජීවිතයක සාර්ථකත්වය කෙරෙහි මේ ආශීර්වාදයන් කොතරම් බලපානවා ද කියන කාරණය යි.