වාසනාවේ සැබෑම උරුමකරුවකු වන්න – දාහත්වන කළාපය
පින්වත් දුවේ පුතේ,
මේ ගෙවී යන කාලය හැම දෙනෙකුට ම බොහොම දුෂ්කර කාලයක්. වසර දෙක හමාරක් පමණ තිස්සේ සිදු වුණ කොවිඩ් වසංගතයේ පැතිර යාම නිසා ලෝකයේ අන් රටවල වගේ ම අපේ රටේත් බොහෝ කටයුතු අකර්මණ්‍ය වුණා. ඔබටත් නිවසට ම සීමා වෙලා හිඳිමින් දුරකථන, පරිගණක ආදී තාක්ෂණික උපාංග ඔස්සේ තමයි ඉගෙන ගන්න සිද්ධ වුණේ. ඒ කාලසීමාව තුළ අපේ රටේ ආර්ථිකයත් දරුණු බිඳවැටීමකට ලක් වුණා. අදටත් අපේ රටේ බොහෝ දෙනෙක් එදිනෙදා කටයුතු කළමනාකරණය කර ගන්නේ ගොඩාක් අමාරුවෙන්…