රූපයත්, ධනයත්, පිළිගැනීමත් ලබන්නට ක්‍රමයක් – දහනවවන කළාපය
දයාබර දුවේ පුතේ,
සත්වයන් උපදින ආකාර කිහිපයක් තිබෙන බව ඔබ දන්නවා නේද? ඔබ, අප වැනි මව්කුසින් බිහි වන සත්ව කොට්ඨාස හිඳිනවා. දෙවියන් බඹුන් නිරි සතුන් වැනි ඕපපාතික ව පහළ වන සත්ව කොට්ඨාසත්, ඇතැම් පණුවන් වැනි තෙත් පරිසරයේ උපදිනා සත්ව කොට්ඨාසත්, කුරුල්ලන් වැනි බිත්තරවලින් උපදිනා සත්ව කොට්ඨාසත් සිටින බව සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ අවබෝධය ඔබත් සැදැහැ සිතින් දරා ගන්න…