පුදමු මාපිය ගුරුවර වැඩිහිටි උතුමන් (දහවන කලාපය)
දයාබර දුවේ, පුතේ,
විදුලිය සොයා ගැනීම මිනිස් ලෝකයේ සිදු වූ සුවිශේෂී විප්ලවයක් ලෙසයි සැලකෙන්නේ. දුව පුතා මේ ගැන පාසලේ දී ඉගෙනගෙන ඇති. නව කාර්මික ප්‍රවණතාවයන් සියල්ලට ම පාහේ හේතු වුණේ විදුලිය සොයා ගැනීම. ඒ ගැන සොයා බැලුවොත්, එදිනෙදා ජීවිතයේ පහසුව ඇති කරලන සියලු ම උපකරණ නිර්මාණය කොට තිබෙන්නේ විදුලිය පාදක කරගෙන බවයි පෙනී යන්නේ.