පිනට මඟ කියන දේවදූතයෝ.. (තුන්වන කලාපය)
ආදරණීය දුවේ/පුතේ,
මේ සංසාර ගමනේ ඔහේ ඇවිද ගිය අපට කුමක්දෝ පිනකට දුර්ලභ වූ මිනිස් ජීවිතයක් ලැබුණා. ගණනින් මෙතෙකැයි කියල ප්‍රමාණ කරන්න නොහැකි සතුන් ප්‍රමාණයක් ජීවත් වන තිරිසන් ලෝකයත් ප්‍රේත ලෝකයත් නිරයත් මගහැරිල, ගණනින් කෝටි 700ක් පමණ වන මිනිසුන් අතර උපදින්න ලැබීම ඇත්තටම අප ලැබූ වාසනාවක්. නමුත් බොහෝ දෙනෙක් ඒ වාසනාව ගැන දන්නෙ නැහැ..