නිදහස සොයා පියනඟමු | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2017 හත්වන කලාපය

දයාබර දුවේ, පුතේ, අපේ ජීවිතවල ගෙවුණ හැම අවුරුද්දක ම වගේ මේ අවුරුද්දෙත් නිදහස් දිනයක් සමරන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ හැට නවවැනි නිදහස් දිනය වෙනුවෙන් මේ අවුරුද්දෙත් දුවලා පුතාලට නිවාඩුවක් ලැබුණා. පාසලේ පන්තියේ වැඩකටයුතුවලින් ටිකක් නිදහස් වෙලා නිදහසේ හිටපු දවසක් බවට එ් දවස පත්වුණා වන්නත් ඇති. නිදහස් උත්සවවලට සහභාගී වන්න හෝ එ් නිමිති කරගෙන පැවැත්වුණු පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්න දුවට පුතාට ඉඩ ලැබෙන්නත් ඇති. කොහොම හරි, මේ පාරත් ජාතික නිදහස් දිනය අපි කාට කාටත් විශේෂ දිනයක් බවට පත් වුණා. 

දුවේ, පුතේ… ශ්‍රී ලාංකිකයන්ට මේ නිදහස් දිනය සමරන එක තව කොච්චර කාලයක් ඉදිරියට සිදු කරන්න පුළුවන් වේවි කියල ද ඔයාලට හිතෙන්නේ? ‘ලෝක විනාශය වෙනකල්…’ කියලා ඔයාලට හිතෙන්න ඇති… තව තව උත්තරත් හිතට එන්න ඇති. දුවේ, පුතේ, ඇත්තටම නම් මේ නිදහස අපට අයිති අප යළි යටත්විජිතයක් නො වී සිටින තාක් කල් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *