ජීවිතය දහමින් රැකගනිමු – පහළොස්වන කළාපය
පින්වත් දුවේ පුතේ,
නොසිතූ විරූ අර්බුදයන්ට මුළු ලෝකය ම මුහුණපා සිටින කාල වකවානුවක් අප ගෙවා දමමින් සිටිනවා. කලින් කල නොයෙක් රෝග උවදුරු පැතිරී යාම නිසාවෙන් ලෝවැසියන් යම් යම් දුක්පීඩා වින්දා වුණත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියල්ලන් බොහෝ සෙයින් අසරණ බවට ඇද දැමූ මෙවැනි වාතාවරණයක් අපේ ජීවිත කාලය තුළ අත්දැක නැහැ. කොවිඩ් 19 වසංගතය සමස්ත ලෝකය ම කායික ව, මානසික ව වගේ ම සමාජයීය වශයෙනුත්, ආර්ථිකවත් බොහෝ පහතට ඇද දැම්මා.