ඇයි මේ තරම් වෙනසක්? ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015 සිව්වන කලාපය

නමෝ බුද්ධාය! පින්වත් දුවේ පුතේ, ඔයාලගේ අතින් හිටවපු මල් පැළ ගැන මතක ද? තමන්ගේ අතින් හිටවපු මල් පැළයක් ලොකු මහත් වෙලා හැදිලා වැඩිලා මල් පිපුණු හැටි මතක ද? 

ඔයාලා බොහෝ දෙනෙකුට එහෙම සිදුවීම් මතක ඇති. ඒ නැතත්, ඔයාලා හැම කෙනෙක්ගේ ගෙදර ම මල් පිපෙන ගස් කිහිපයක්වත් ඇති. ඔන්න ගෙදර වටපිටාව මතක් කරගෙන උත්තර දෙන්න ඕනේ ප‍්‍රශ්නයක් අපි ඔයාලගෙන් අහන්නයි හදන්නේ… ”ඒ මල් ගස්වල පිපුණේ මොන මල් ද?” දුවේ, පුතේ, හිටවලා තිබුණෙ දාස්පෙතියා ගහක් නම් පිපුණේ දාස්පෙතියා මල් නේ ද… රෝස ගස්වල රෝස මල්… අරලිය ගස්වල අරලිය මල්… වතුසුද්ද ගස්වල වතුසුද්ද මල්… පිච්ච වැල්වල පිච්ච මල්… කවදාවත් අරලිය ගහක රෝස මල් පිපෙන්නේ නෑ නේ ද? ඒ ඒ ගස්වල පිපෙන්නේ ඒ ඒ මල් ම තමයි. 

ඔන්න ඔය විදිහෙම අදහසක් තියෙන කථාවක් අපේ ජනවහරේ තියෙනවා. දුවලා, පුතාලා මේ කථාව අහලත් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ, ‘වපුරන හැටියටයි අස්වැන්න ලැබෙන්නේ’ කියන ජනවහර. උඳු වැපිරුවොත් උඳුත්, තල වැපිරුවොත් තලත් ලැබෙනවා. උඳු වපුරලා තල අස්වැන්නට ගන්න බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *