සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ
මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න

ශ්‍රද්ධා

සමාජ සත්කාර 

250+

ව්‍යාපෘති ගණන

450,000+

ප්‍රතිලාභ ලැබූ ප්‍රමාණය

143.8M+

වියදම් කල මුදල

මනුෂ්‍යත්වයේ යුතුකම ඉටුකරමු

View Synonyms and Definitions

මනුෂ්‍යත්වයට කළ හැකි දේ බොහොම යි. ඒ් මනුෂ්‍යත්ව‌යෙන් අසරණ කමට සරණක් වන සොඳුරු වෑයමට දායකත්වය එක්කල හැකිනම් එය කොතරම් අගනේ ද..?
සරණක් අවැසි තැනකට සරණක් වෙමින් ඔබේ ජීවිතයේ උත්තරීතර තැනක් මනුශ්‍යත්වයට ලබා දෙන්න..

මේ ඒ වෙනුවෙන් ඉඩ ලබා දෙන පුණ්‍ය තෝතැන්නයි…

ශ්‍රද්ධා සමාජ සත්කාර

ජීවිතය දන් දෙන

පිවිතුරු පැන් පූජා

ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වන නිධන්ගත වකුගඩු රෝගයෙන් ජනතාව මුදවාගනු පිණිස ආරම්භ කළ ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ ප්‍රධාන සමාජ සත්කාර ව්‍යාපෘතිය

ව්‍යාපෘති ප්‍රමාණය
0
පරිත්‍යාග කළ ජලය ලීටර
0

වකුගඩු රෝගී අරමුදල

වකුගඩු රෝගීන් හට අවශ්‍ය මූල්‍ය ශක්තිය ,ඖෂධ ලබාදීමත් සායනයන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමත් මූලික කරගනිමින් සිදු කෙරෙන සමාජ සත්කාර ව්‍යාපෘතියයි.

අසරණ සරණ

ස්වාභාවික හා අනපේක්ෂිත අර්බුද හමුවේ විපතට පත් වන අපේ ම ජනතාව වෙනුවෙන් අත්වැලක් සපයන සමාජ සත්කාර වෑයම.

සම්බුද්ධ ප්‍රතිමා පූජා

 අසිරිමත් සම්බුද්ධ ප්‍රතිමා ආගමික සිද්ධස්ථාන වලට පුද දෙන ශ්‍රද්ධා  සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය ක්‍රියාන්විතය.

අධ්‍යාපන ශිෂ්‍යත්ව

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගන්නට වෙරදරන දූ පුතුන් හට පෙරමං තනන සමාජ සත්කාර වෑයම.

ශිල්ප යාත්‍රා

නව අධ්‍යයන වර්ෂයන් වෙනුවෙන් දුවා දරුවන් උදෙසා අවශ්‍ය අධ්‍යයන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සඳහා ක්‍රියාත්මක කරන සමාජ සත්කාර වැඩසටහන.

 රුධිර දාන

ජාතික රුධිර සංචිතයට සවියක් වනු පිණිස ශ්‍රද්ධා මාධ්‍යජාලය මගින් වාර්ශිකව (රුධිරය අඩු මාසවල) දිවයින පුරා දියත් කරන රුධිරය දන්දීමේ කඳවුරු මාලාව.

ගිලාන දාන

ගිලන් වූවන්  නිරෝගී කරනු පිණිස නොයෙක් ආකාරයෙන් සිදු කරන සමාජ සත්කාර ක්‍රියාන්විතය.

අභය දාන

අසරණ වූ සතුන් මර බියෙන් මුදවා අභය දන් දෙන සොඳුරු මිනිසුන්ගේ සො‍දුරු පින්කෙත, ශ්‍රද්ධා අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.

ඔබ දැනගත යුතු අනෙකුත් කරුණු

ඒ ඒ ව්‍යාපෘතීන් වල අදාල වැඩිදුර තොරතුරු දැනගැනීමට
අදාල පිටුවලට පිවිසිය හැකිය.

මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා  ශ්‍රද්ධා මාධ්‍ය ජාලය කේන්ද්‍ර කර ගනිමින් සමාජයේ උපකාර අවැසි වූවන් වෙත උපකාර කිරීමේ ව්‍යාපෘතිය.

View Synonyms and Definitions

සමාජයේ පවතින නොයෙක් ආකාරයේ අවශ්‍යතා මත පදනම්ව ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ සමාජ සත්කාරයන් දියත් කරන අතර ඒ් ඒ් ව්‍යාපෘති වලට අදාල විශේෂිත ක්‍රමවේදයන් ඔස්සේ දායකත්වයන් ලබා ගැනීම සිදු කළ හැකිය.

ඒ් ඒ ව්‍යාපෘතිවලට වෙන් වූ දුරකතන අංක ඇති අතර අපගේ විමසීම් පිටුවෙන් හෝ අදාළ ව්‍යාපෘතියට අදාළ පිටුවෙන් ලබා ගත හැකියි.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 12,13 සහ විශ්ව විද්‍යාල මාසිකව රු. 2000 මාසිකව රු. 3000

මාසිකව, ත්‍රෛමාසිව, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික වශයෙන් වුවද ලබා දීමට හැක.

ගිණුමේ නම – ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව
ගිණුම් අංකය – 116 261 000 970
බැංකුව
සම්පත් බැංකුව (කඩුවෙල ශාඛාව)

තමන්ගේ විස්තර සහ පවුල් පසුබිම පිළිබඳව සත්‍ය තොරතුරු ඇතුළත් කර ශිෂ්‍යත්වයක් ඉල්ලුම කිරීමේ ලිපියක් මුලින්ම අප වෙත යොමු කළ යුතුයි. ඉන් අනතුරුව අප විසින් ඔවුන්ට අයදුම්පත්‍රයක් ලබා දීම සිදුවේ. අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර නැවත එවීමෙන් පසුව තෝරාගනු ලබන සුදුසුම දරුවන් වෙත පමණක් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරයි.

වැඩිදුර තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් හෝ
පහත අංකයෙන් හෝ Live Chat හරහා ද අප හා සම්බධ විය හැකිය.

අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්

දායකත්වය දැක්විය හැකි ව්‍යාපෘතීන් කිහිපයක්

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk